මොස්කව් අගනුවරට යුක්රේන ඩ්‍රෝන ඇවිල්ලා


නියමුවන් රහිත ඩ්‍රෝන යානා රුසියාවේ මොස්කව් අගනුවර ආසන්නයට පැමිණ ඇතැයි රුසියන් හමුදාව පවසයි. ඩ්‍රෝන යානා පැමිණෙද්දී, ඒ බව කල් තියා හඳුනා ගනිමින් පහර දී විනාශ කිරීමට රුසියන් හමුදාව කටයුතු කර තිබේ.

යුක්රේන හමුදාවට ඩ්‍රෝන යානා ලබා දී ඇත්තේ බටහිර රටවල්ය. ඒ රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීමටය. කෙසේ නමුත් යුක්රේනය එම ඩ්‍රෝන යොදා ගනිමින් යුක්රේන රුසියන් දේශසීමාවේ රුසියන් නගර ඉලක්ක කර ගනිමින් පහර දෙයි.

(රොයිටර්)