මොස්කව් සතියකට වැසෙයි


'කොවිඩ් 19' ආසාදිතයන්, වැඩිවීම සැලකිල්ලට ගනිමින්, 'වැඩ නොකරන සතියක්' ලෙස ප්‍රකාශයට පත් කරමින්, අද (15) සිට මොස්කව් අගනුවර සම්පූර්ණයෙන් වසා දැමීමට, රුසියන් රජය තීරණය කර ඇත.

ඒ අනුව, අද (15) සිට සතියක කාලයක්, වැටුප් සහිත, වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කිරීමට මොස්කව් නගරාධිපතිවරයා ඊයේ (14) පියවර ගත්තේය.

රුසියාවේ මොස්කව් අගනුවර ආසාදිතයන් හිටිහැටියේ වැඩිවීමට පටන් ගත්තේ, පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව යැයි සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

මේ වනවිට රුසියාවෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' වයිරස ආසාදිතයන් ගණන 5,208,687 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 126,430 ක් ලෙසය. 4,801,335 ක් සුවය ලබා ඇත. රුසියාව, එරට වැසියන්ට ලබා දෙන්නේ ඔවුන් නිපදවා ඇති 'ස්පුට්නික් 5' ප්‍රතිශක්තිකරණ එන්නතය.

මොස්කව් නුවරදීය (රොයිටර්)