මෝදි ඇමෙරිකාවේ


ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා සංචාරයක් ආරම්භ කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇමෙරිකා රජයෙන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන ඉන්දීය වැසියන්ගෙන් ද ඉතාමත් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙසේ ඇමෙරිකාවට පැමිණියේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමකට අනුවය. බයිඩන්ගේ ඇරැයුමකට අනුව, මෝදි විශේෂ භෝජන සංග්‍රහයකට ද එක් වනු ඇත.

මෝදි සහ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ ද හමුවක් පැවැත්විණි. ඉන්දියාවේ ටෙස්ලා කම්හල් විවෘත කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පැවැත්විණි.