ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි ඉතාමත් බුද්ධිමත්, පරිණත ලෝක නායකයකු යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. රුසියන් ජනාධිපතිවරයා මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රශංසා කරමින් ඔහුගේ ගුණ වර්ණනා කර ඇත්තේ රුසියන් මාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
රුසියාවත් ඉන්දියාවත් අතරේ පවතින මිතුදම් දිනෙන් දින ශක්තිමත් වන බව රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දී තිබේ. ගෝලීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සහ සයිබර් අපරාධ සම්බන්ධයෙන් රුසියාවත් ඉන්දියාවත් අතරේ නව එකඟතාවක් ඇති කර ගැණුනු බව පුටින් සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැහැදිලි කළේය.
රුසියාවටත් ඉන්දියාවත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් එකඟතා රැසකට තමන් කැමැත්ත පළ කර ඇතැයි ද රුසියන් ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දක්වමින් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)