මෝදි ඕස්ට්‍රේලියාවේ


ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැලී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගෙන් මෙන්ම එරට වෙසන ඉන්දියානු වැසියන්ගෙන් ද උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

සිඩ්නි නුවර හැරිස් උද්‍යානයේ ‘ලිට්ල් ඉන්දියා’ (පුංචි ඉන්දියාව) යන නමින් ස්මාරකයක් ඉදි කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර ඇති අතර, ඊට මුල් ගල තැබීම ද මෝදි සහ ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

හැරිස් පාර්ක් පිහිටා ඇත්තේ සිඩ්නි නුවර බටහිර දෙසිනි. ඉන්දියානුවන් බහුලව වාසය කරන්නේ ද මෙම පළාතේය. ඕස්ට්‍රේලියාවේ ඉන්දියානුවන් දීවාලි ඇතුළු ඔවුන්ගේ උත්සව සැමරීම් සිදු කරන්නේ ද හැරිස් පාර්ක් කේන්ද්‍ර කොට ගනිමිනි.

(එන්.ඩී.ටීවී.)