ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතර හොඳ හිත පළුදු වීමත් සමග, කැනඩාව සහ ඉන්දියාව අතරේ නව වෙළෙඳ ගිවිසුම අහෝසි කළ බව කැනඩා වෙළෙඳ ඇමැතිනී මේරී එන්ග් පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතර හොඳ හිත පළුදු වී ඇත්තේ, කැනඩාවේ ශීක් ප්‍රජාව, එරට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරෙහිව විරෝධතා පැවැත්වීම සහ එම විරෝධතා නැවැත්වීමට කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ රජය පියවර නොගැනීම සම්බන්ධයෙනි.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය ශීක්වරුන්ගේ නිජබිමය. ඉන්දියාවෙන් පිට වැඩිම ශීක් ප්‍රජාවක් වාසය කරන රට කැනඩාවය. අග්‍රාමාත්‍ය මෝදිගේ හින්දු ජාතිකවාදී පක්ෂයෙන් ශීක්වරුන්ට කෙණෙහිලිකම් සිදුවෙයි. 2021 වසරේ, මෝදි රජය ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් ඉන්දීය ගොවියෝ දස දහස් ගණනින් වීදි බැස විරෝධතා පැවැත්වූහ. එම විරෝධතා ආරම්භ වූයේත්, විරෝධතා මෙහෙයවූයේත් ශීක් ගොවි සංවිධාන එකමුතු වෙමිනි.
2022 වසරේ සිට පන්ජාබ් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නොව, දිල්ලි මහ ඇමැති අර්ජුන් කෙජ්රිවාල් නායකත්වය දරන ‘ආම් ආද්මී’ පක්ෂයයි.