භාරතීය ජනතා පක්ෂයට තනිවම බහුතර බලය හිමි නොවුණත්, භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට බහුතර බලය හිමිවීමත් සමඟ පිටපිට තෙවැනි වරටත් ජනවරමක් හිමිවුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සෙනසුරාදා (8) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
අග්‍රාමාත්‍ය මෝදි, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, නවදිල්ලියේ රාෂ්ට්‍රපතිභවන් බලා ගියේය. රාෂ්ට්‍රපතිභවන් යනු ඉන්දීය ජනාධිපතිවරයාගේ නිවහනය.
(ඒ.එෆ්.පී.)