මෝදි පුටින් හමුවක්


රුසියාවේ පැවැත්වෙන BRICS රාජ්‍ය නායක සමුළුව අතරතුරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී එකිනෙකා වැලඳ ගනිමින් සුහද කතාබහක නිරත වීම විදෙස් මාධ්‍යවල වැඩි අවධානයක් දිනාගැනීමට සමත් විය.

ඉන්දීය අග්‍රමාත්‍යවරයා සහ රුසියානු ජනපති පුටින් අතර පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවේදී ඉන්දීය අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, පවතින ගැටුම්වලට සාමකාමී විසඳුම් අවශ්‍ය බවට තමන් විශ්වාස කරන බවය. රුසියානු - යුක්‍රේන ගැටුම තමන් තරයේ හෙළා දකින බවද මෝදි අවධාරණය කර ඇත.