මෙම 2024 වසරේ ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 18 වැනිදා බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වෙයි.
මෝදි බ්‍රසීලය බලා යනු ඇත්තේ අප්‍රිකා රටවල් දෙකක් වන නයිරියාවේත්, ගයානාවේත් සංචාරය කිරීමෙන් අතුරුවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු නයිජීරියාවේ සංචාරයකට යන්නේ වසර 17 කින් පසුව බව පැවැසෙයි. ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ගයානා රාජ්‍යයට යනු ඇත්තේ 1968 වසරෙන් පසුවය.
අප්‍රිකා රටවල සංචාරයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි ලබන 18 සහ 19 වැනිදා පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සහභාගී වනු ඇත. අග්‍රාමාත්‍ය මෝදි බ්‍රසීලයට යන තෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.