ඉන්දීය අග්‍රාමාත්‍ය නෙරේන්ද්‍ර මෝදිට වසර හයක මැතිවරණ තහනමක් පනවන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප විය.
මහජන නියෝජිත පනත යටතේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට මැතිවරණවලට ඉදිරිපත් වීම තහනම් කරන ලෙස මෙම පෙත්සමින් ඉල්ලා තිබුණු බව පැවැසෙයි. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී හින්දු මුස්ලිම් වෛරී ප්‍රකාශ සිදු කිරීම සහ චර්යා ධර්ම උල්ලංඝනය යන චෝදනා මෝදිට එල්ල වී තිබේ.
අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. මෙවර මැතිවරණයෙන් ද අග්‍රාමත්‍ය මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ඨ ජයක් හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.
(එන්.ඩී.ටීවී.)