මෝදිට බහුතරය අහිමි වේවිද?


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තියුණු සටනක් දීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් සමන්විත ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී.

එහෙයින්, අග්‍රාමාත්‍ය මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට බහුතරය අහිමිවීමේ අවදානමක් පවතින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 

මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට බහුතරය අහිමිවීමේ අවදානමක් පැවැතියත් භාරතීය ජනතා පක්ෂය අයත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට බහුතරය හිමිවනු ඇත. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යනු භාරතීය ජනතා පක්ෂය සහ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ එක් වූ සන්ධානයයි.

(අල් ජසීරා)