යුරෝපා සංගමය සමඟ පැවැත්වීමට සැලසුම් කළ සාකච්ඡාව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ බලපෑම හේතුවෙන් කල්දැමූ බව ඉන්දියාව අද වාර්තා කළේය.
යුරෝපා සංගමයේ ඉහළ පෙළ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීම සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ මාසයේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර බලා පිටත්වීමට නියමිතව තිබුණි.
ප්‍රාන්ත අතර සංචාරය නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීම හේතුවෙන් දෙපාර්ශ්වයම මෙම තීරණයට එකඟ වී ඇති බවද එම සාකච්ඡාව ඔවුන්ට පහසු , ඉදිරි දිනයක පැවැත්වීම නුවණට හුරු බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන රවීෂ් කුමාර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)