මෝල්ටාව ජූලි මස 1 වනදා සිට මගී ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපල විවෘත කරන බව එරට අග්‍රාමාත්‍ය රොබට් අබෙලා මහතා පවසයි.
මෝල්ටාවේ ආර්ථිකයෙන් හතරෙන් එකකට සංචාරක කර්මාන්තය දායකත්වය ලබා දෙන බැවින් ගුවන්තොටුපල නැවත විවෘත කරන ලෙස හෝටල් හිමියන්ගෙන් එල්ල වන බලපෑම් හමුවේ රජය මේ බව නිවේදනය කර තිබේ.
කොවිඩ් - 19 ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති රටවල් සමග සංචාර ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බවද මෝල්ටා රජය පවසයි.
කෙසේවුවද මෝල්ටාව සමග සාම්ප්‍රදායිකව සංචාරක සබඳතා පවත්වන බ්‍රිතාන්‍යයේ සංචාරකයින් සඳහා ඔවුන් තවමත් හරිත එළියක් ලබා දී නොමැත.
මෝල්ටාවේ අයවැය සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ ඔක්තෝබර් මාසයේ වුවත් ආයෝජන දිරිගැන්වීමේ අරමුණින් ජුනි 8 වනදා අයවැයක් ප්‍රකාශයට පත්කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
වයිරසයෙන් බලපෑමට ලක්වූ සමාගම්වල සේවකයන් ඉවත් කිරීම අධෛර්යමත් කිරීම සඳහා මෝල්ටා රජය විසින් එක් සේවකයෙකුට මසකට යූරෝ 800ක් ගෙවීමට තීරණය කර තිබේ.
ආර්ථිකය යළිත් වරක් වර්ධනය වනතෙක් මෙය පවත්වාගෙන යෑමට ද රජය තීරණය කර ඇත.
දකුණු දිග මධ්‍යධරණී දූපතක් වන මෝල්ටාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 600ක් වාර්තා වී ඇති අතර මරණ 9ක් සිදුවී තිබේ.
අත්‍යාවශ්‍ය වෙළඳසැල් සහ අවන්හල් මැයි මස මැද භාගයේදී නැවත විවෘත කිරීමට අවසර ලබාදුන් නමුත් තවමත් පල්ලි සහ පාසැල් වසා දමා ඇත.
බාර් සහ ජිම් ලබන සතියේ විවෘත කිරීමට නියමිතය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)