යළිත් වරක් පුටින් අමතනවා - මැක්රොන්


රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් තමන් යළිත් වරක් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමැතීමට සූදානමින් සිටින බවත්, කෙසේ හෝ යුද්ධය අවසන් කිරීමට උත්සාහ ගන්නා බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.

ප්‍රංශ ජනාධිපතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් යළි ජනපති ධුරය අපේක්ෂා කරන අතර, ඔහු රුසියානු යුක්රේන අර්බුදයට මැදිහත් වී සිටින්නේ මැතිවරණ කටයුතු අතරතුරේය. ප්‍රංශය නේටෝවට පක්ෂපාතී වුවත්, නේටෝ සාමාජිකයකු නොවන යුරෝපා රාජ්‍යයකි.

(රොයිටර්)