යාත්‍රාවක් පෙරළී රෝහින්ග්‍යා සරණාගතයින් 14 ක් මරුට


බංගලාදේශයේ දකුණු මුහුදු තීරයේදී යාත්‍රාවක් පෙරළී රෝහින්ග්‍යා සරණාගතයින් 14 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

බංගලාදේශයේ කඳවුරුවල සිටි සරණාගතයින් පිරිසක්  මැලේසියාව වෙත ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇත.

බලධාරීන් පවසන්නේ මියගිය සියලු දෙනා කාන්තාවන් සහ දරුවන් බවයි.

වෙරළාරක්ෂක භටයන් විසින් 70 දෙනකු පමණ බේරාගෙන ඇති අතර තවත් බොහෝදෙනකු අතුරුදන්ව ඇති බව ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

බෙංගාල බොක්කේ සේන්ට් මාටින්ස් දූපත ආසන්නයේදී යාත්‍රාව පෙරළී ඇත.

(බීබීසී ඇසුරිණි - 085)