බයිඩන් පරිපාලනය, යුක්රේනයට ලබා දීමට සූදානම් වූ මුදල් ආධාර පැකේජයට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. බයිඩන් පරිපාලනය, මෙම ආධාර පැකේජය ඇමෙරිකන් කොංග්‍රසයට (පාර්ලිමේන්තුවට) යොමු කෙරුණේ මීට මාස
කීපයකට පෙරය. කෙසේ නමුත් නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ විරෝධය ඊට එල්ල විය. ඒ, බයිඩන් සමඟ පවතින මත ගැටුම් හේතුවෙනි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුව නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය සතුවය.
බයිඩන් පරිපාලනය යුක්රේනයට පමණක් නොව, ඊශ්‍රායලයටත්, තායිවානයටත් ආධාර ලබා දීමට සූදානම් වෙයි. සමස්ත ආධාර පැකේජයේ වටිනකම ඇමෙරිකන් ඩොලර් බිලියන 95 කි. එයින් යුක්රේනයට හිමිවන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන 60 කි.
(ඒ.එෆ්.පී.)