ජපානයේ හිරෝෂීමා නගරයේ පැවැත්වෙන 'ජී7' සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගී වෙයි.
සමුළුවට සහභාගී වුණු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ මෝදි අතර හමුවක් සමුළුවට සමගාමීව පැවැත්විණි.
රුසියන් යුක්රේන ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
යුද්ධය අවසන් කිරීමට දේශපාලන විසදුමක් අවශ්‍ය යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.
(එන්.ඩී.ටීවි.)