යුක්රේන නගරයක් අත්පත් කර ගනී


යුක්රේනයේ සර්වඩොනෙස්ක් නගරය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලුහාන්ස්ක් පළාතේ යුක්රේන හමුදා පාලනයේ පවතින අවසාන නගර දෙකෙන් එක නගරයක් වූ සර්වඩොනෙස්ක් නගරය රුසියානු හමුදා පාලනය යටතට පත්වීමත් සමඟ ලුහාන්ස්ක් පළාතේ පාලනය යුක්රේනයට අහිමි වීමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

රුසියානු හමුදා වල ඉලක්කය ඩොන්බාස් පළාතේ පාලනය අතට ගැනීම බව ඔවූහු පෙන්වා දුන්හ.

“රුසියානු හමුදා සර්වඩොනෙස්ක් නගරයේ බහුතර පාලනය අත් කරගෙන තියෙන්නේ නමුත් තවමත් කර්මාන්ත කලාපයේ පාලනය අපේ අතේ තියෙන්නේ. රුසියානු හමුදා යුද ටැංකි, බර අවි යොදා ගනිමින් දකින දකින හැමදේටම වෙඩි තියෙනවා.නගරයේ වීදි වල දරුණු සටන් පවතිනවා” ලුහාන්ස්ක් පළාතේ ආණ්ඩුකාර සර්ගෙයි ගෙඩායි ප්‍රකාශ කළේය.

(රොයිටර්)