යුක්රේනයේ, රුසියන් හමුදා ග්‍රහණයේ පවතින ‘සැපොරිස්සායා’ බලාගාරය නිරීක්ෂණය කිරීමට, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජිත පිරිසක් පැමිණියහ.
‘සැපොරිස්සායා’ යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි. මේ වනවිට මෙම බලාගාරය ඇත්තේ යුක්රේනය ආක්‍රමණයට පැමිණ සිටින රුසියන් හමුදා ග්‍රහණයේය. බලාගාරය ආශ්‍රිතව ද පසුගිය කාලයේ අවි ගැටුම් පවතී. යුක්රේන හමුදා උත්සාහ ගන්නේ බලාගාරය යළි ඔවුන්ගේ ග්‍රහණයට ගැනීමටය.
බලාගාරයට හානියක් සිදුවී විකිරණ කාන්දුවක් සිදුවුවහොත් එය යුක්රේනයට, රුසියාවට පමණක් නොව මුළු මහත් යුරෝපා කලාපයටම අහිතකර බලපෑම් එල්ල වීමට ඉඩ ඇත.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු වී ඇති අතර, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජිතයන් පිරිසක් බලාගාරයේ නිරීක්ෂණයට පැමිණියේ රුසියාව සහ යුක්රේනය අතර ඇතිකරගත් එකඟතාවකට අනුවය.
(රොයිටර්)