යුක්රේන නියෝජ්‍ය විදෙස් ඇමැති ඉන්දියාවේ


යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය සපොරෝවා, සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියාය.

නියෝජ්‍ය විදේශ අමාත්‍යවරියගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන යන හමුදා ආක්‍රමණය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ සහාය යුක්රේන රජයට ලබා ගැනීමය.

රුසියන් යුක්රේන අර්බුදයේ දී ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

රුසියාව මෙන්ම යුක්රේනය ද මිතුරන් ලෙස තබා ගැනීමට ඉන්දියාව කටයුතු කර ඇත. එසේ වුවත්, ඉන්දියාවේ ස්ථාවරය නම්, යුද්ධය නවත්වා දේශපාලන විසඳුමක් සෙවිය යුතුය යන්නය.

යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කීප දෙනකු මෙම සංචාරයේ දී හමුවීමට නියමිතව ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්)