යුක්රේන රුසියන් යුද්ධය ඉක්මනින්ම අවසන් වේවි


ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති ආකාරයටම, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් වේවි යැයි තමන් විශ්වාස කරන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

පසුගිය නොවැම්බර් 5 වැනිදා පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් යළි ජයග්‍රහණය කළ අවස්ථාවේ, තමන් ට්‍රම්ප්ට සුබ පතමින් ඇමතුමක් දුන් බවත්, එහිදී ට්‍රම්ප්, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා කළ බවත් සෙලෙන්ස්කී පෙන්වා දී ඇත.

‘යුක්රේනයට අවාසි වෙන විදියේ හෝ යුක්රේනයට අසාධාරණයක් වන විදියේ තීන්දු තීරණ ට්‍රම්ප් ගන්නේ නැහැ. ඒ බව විශ්වාසයි. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් යුක්රේනයට අවාසි වන ආකාරයේ කිසිවක් මෙතෙක් පවසා නැහැ’ යැයි සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේය.