යුක්රේන සංචාරයකට ජෝ බයිඩන් සූදානම්


රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ, යුක්රේනයට සහාය පළ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයේ කීව් අගනුවරට පැමිණීමට සූදානමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කීව් අගනුවර බලා පැමිණෙන්නේ කවදාදැයි යුක්රේන ජනාධිපතිවරයා පවසා නැති අතර, එම සංචාරය ඉදිරි දින කීපය ඇතුළත සිදුවනු ඇතැයි පැවැසෙයි.

තමන් යුක්රේනයට පැමිණෙන බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට පවසා ඇත්තේ ජනාධිපති බයිඩන්ය. ඒ දෙදෙනා අතර දුරකතන සන්වාදයක් අතරතුරේය. ‘ඔබේ පැමිණීම අපට ලොකු ශක්තියක්‘ යැයි එම අවස්ථාවේදී සෙලෙස්කි, ඇමෙරිකන් ජනාධිපතිවරයාට පවසා තිබේ.

ජනාධිපතිවරුන් දෙදෙනාගේ දුරකතන සන්වාදය මිනිත්තු 50 ක් පුරා පැවැත්විණි. එහිදී රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගතහොත් ඊට කෙසේ මුහුණ දිය යුතු ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)