ඉදිරි වසර 10 ක කාලයේ, රුසියන් ප්‍රහාරවලින් විනාශ වුණු යුක්රේනය යළි ගොඩනැගීමට නම්, ඇමෙරිකන් ඩොලර් බිලියන 411 කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වනු ඇතැයි ලෝක බැංකුව කියයි.
ඊට අමතරව, යුක්රේනයේ ප්‍රධාන නගරවල විනාශ වුණු ගොඩනැගිලි සුන්බුන් ඉවත් කිරීමට තවත් ඩොලර් බිලියන 5 ක මුදලක් වැය වනු ඇති බවත් ලෝක බැංකුය වැඩි දුරටත් කියා සිටී.
ලෝක බැංකුව මෙසේ කියා ඇත්තේ, රුසියන් ආක්‍රමණයෙන් යුක්රේනයට සිදුවුණු හානිය ගැන විශේෂ වාර්තාවක් නිකුත් කරමිණි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරියේය.
ලෝක බැංකුව සිය වාර්තාවෙන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ යුද්ධය තව තවත් දිග් ගැස්සුණොත් යුක්රේනයට සිදුවන හානිය තව තවත් දරුණු වනු ඇති බවය.
(රොයිටර්)