යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස් ප්‍රමුඛ රජයට බටහිර රටවලින් දිගින් දිගටම අවි ආයුධ ලැබීම සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සිය අප්‍රසාදය පළ කර තිබේ.
යුක්රේන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට එරට සිවිල් වැසියන් ගැන කැක්කුමක් නැති බවත්, රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට අදහසක් නැති බවත් පාප්තුමා වැඩි දුරටත් පවසා ඇත.
බටහිර රටවලින් දිගින් දිගටම යුක්රේනයට අවි ආයුධ ලැබීමෙන් සිදුවන්නේ රුසියාවත් යුක්රේනයත් අතර යුදමය තත්ත්වය තවත් දිග්ගැස්සීම යැයි ඊට අප්‍රසාදය පළ කරමින් පාප්තුමා පෙන්වා දී තිබේ. පාප්තුමා මෙසේ පෙන්වා දුන්නේ ප්‍රංශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව යළි වතිකානුව බලා පැමිණෙද්දීය.