යුක්රේනයට දිගටම අවි ආයුධ ලබා දීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, නත්තල් දා යුක්රේනයේ නගර කීපයකට, රුසියාවෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය තරයේ හෙලා දකිමිණි.
යුක්රේනයේ නගරවලට එම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් අඩපණ කර දැමීමේ අරමුණින්ය.
නත්තල් දා එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව පමණක් නොව, යුක්රේන හිතවාදී සෙසු බටහිර රටවල් ද රුසියාවට විරෝධය පළ කර ඇත.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ 2002 වසරේය. ඒ, රුසියාවේ විරෝධය මැද, යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. එදා සිට ඇමෙරිකාව යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 175 ක ආධාර ප්‍රමාණයක් ලබා දී ඇත.