මිතුරු යුරෝපා රටවල සංචාරයක යෙදෙන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී යුරෝපා සංගමයට අයත් රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
එම සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවේ පෙනී සිටි යුක්රේන ජනාධිපතිවරයා පැවැසුවේ, රුසියන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දැක්වීමට ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාට ලබා දීමට යුරෝපා රටවල නායකයන් බොහෝ දෙනකු කැමැත්ත පළ කර ඇති බවය.
යුක්රේන හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන යුරෝපා රටවල් සතුරන් ලෙස සලකන බවත්, එම රටවල් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවීමක් කර තිබේ.
(රොයිටර්)