යුක්රේනයට බිලියන 3 ක හමුදා ආධාර


ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක නව යුද ආධාර යුක්රේනයට ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.

යුක්රේන නිදහස් දිනය දා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අමතමින්, හමුදා ආධාර ලබා දෙන බව පැවැසීය. ඒ යුක්රේනය නිදහස් දිනය සමරද්දීය.

රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. මේ වනවිට රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක් ගත වී තිබේ.

ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේනයට ආධාර ලබා දෙන බවත්, එසේ ආධාර ලබා දෙන්නේ රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින දිග්ගැස්සෙන නිසා බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර ඇත.

(රොයිටර්)