ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන්ගේ මැදිහත් වීමෙන්, ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල රාජ්‍ය නායකයන් අතරේ විශේෂ හමුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
‘ජී7’ කන්ඩායමට අයත් වන්නේ ලොව ආර්ථිකමය වශයෙන් ප්‍රබල රටවල්ය. හදිසි ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවක් කැඳවීමට ඇමෙරිකන් ජනාධිපතිවරයා කටයුතු කළේ පසුගිය දා රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු නගර කීපයකට මිසයිල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙනි. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද කීව් අගනුවර සිට වීඩියෝ තාක්ෂණය හරහා සමුළුවට සහභාගී විය.
රුසියන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට යුක්රේනයට සහාය දැක්වීමට ‘ජී7’ නායකයෝ ප්‍රතිඥා දුන්හ. යුක්රේන හමුදාවට අවශ්‍ය මිසයිල ආරක්ෂක පද්ධති කඩිනමින් ලබා දීමට ද ‘ජී7’ නායකයෝ කැමැත්ත පළ කළහ. රුසියන් හමුදාව යුක්රේනයේ නගර ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරීම තරයේ හෙලා දැකීමට ද ‘ජී7’ නායකයෝ පියවර ගත්හ.
(රොයිටර්)