යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 කැමැත්ත පළ කර තිබේ.
තමන් යුරෝපා සංගමයේ සාමාජිකයකු වීමට කැමැති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රමුඛ රජය, මීට දින කීපයකට පෙර යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉල්ලා සිටියේය.
ඒ, ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් චාන්සලර් ඕලාෆ් සහ ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩාර්ගි යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවුණු අවස්ථාවේදීය.
යුක්රේනය සාමාජිකත්වය ඇයැදුම් කිරීම සම්බන්ධයෙන්, යුරෝපා සංගමයේ සාමාජික රටවල් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට රැස්වී ඡන්ද විමසුමක් පැවැත් වූ අතර, සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව යුක්රේනයට සාමාජිකත්වය ලබා දීමට කැමැත්ත පළ කළේය.
එසේ සාමාජිකත්වය ලබා දීමට කැමැත්ත පළ වුවත්, සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය වසර ගණනක් ගතවන දීර්ඝ ක්‍රියාවලියක් බව පැවැසෙයි.
(රොයිටර්)