යුක්රේනයේ සිටින ඇමෙරිකානු පුරවැසියන් වහා එරටින් පිටවිය යුතු බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
දිනෙන් දින යුක්රේන දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් වැඩි වීම නිසා මෙම තීරණය ගත් බව වාර්තා වේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් යුක්රේනයේ සිටින ඇමෙරිකානු පුරවැසියන් බේරා ගැනීමට හමුදාව නොඑවන බව ජනාධිපති බයිඩන් පවසයි.
මොහොතකින් සියල්ල වෙනස් විය හැකි නිසා ඇමෙරිකානු පුරවැසියන් යුක්රේනයෙන් පිටවීම යෝග්‍ය බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය නොකරන බව පවසයි. බෙලරුස් රාජ්‍යයේ විශාල රුසියානු යුද අභ්‍යාස ක්‍රියාත්මක වෙමින් පවතී.
රුසියානු යුද අභ්‍යාස හේතුවෙන් කළු මුහුදේ සහ අසොව් මුහුදේ යුක්රේන නාවික කටයුතු අවහිර වී ඇතැයි යුක්රේනය පවසයි. තම පැරණි සෝවියට් රුසියානු අසල්වැසියා නේටෝ සංවිධානයට එකතු වීම වැලැක්වීම සඳහා ‘රතු ඉරක්’ ඇඳිය යුතු බව ක්‍රෙම්ලිනය පවසයි.
යුද උණුසුම දිනෙන් දින වැඩිවීම හේතුවෙන් තම පුරවැසියන් වහා යුක්රේනයෙන් පිටවිය යුතු බව ඇමෙරිකානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
“ඕනෑම මොහොතක සියල්ල වෙනස් විය හැකියි. ලෝකයේ සිටින විශාලතම සහ බලගතු හමුදා වලින් එකක් තමයි යුක්රේන දේශසීමාවේ මේ වනවිට රැඳී සිටින්නේ” යැයි ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)