යුක්රේනයේ බටහිර ලුට්ස්ක් නගරයේ දී ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු විසින් බස් රථයක ගමන්ගත් 20 දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි බලධාරීහු පවසති.
එහිදී වෙඩි තැබීමක් ද සිදුකර ඇති නමුත් තුවාල ලැබූවන් සම්බන්ධ තොරතුරු වාර්තා වී නොමැත.
ආයුධ සන්නද්ධ පුද්ගලයා තමා සතුව බෝම්බයක් ඇති බව පවසමින් බස් රථයේ සිටි පිරිස බිය වද්දා ඇතැයි යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් හෙරෂ්චෙන්කෝ පවසයි.
ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
ත්‍රස්ත මර්දන බලකාය විසින් බස්රථය සහ නගරය වටකර ආරක්ෂක විධිවිධාන තරකර ඇති අතර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවෙස් හෝ කාර්යාල හැර නොයන ලෙස දැනුම් දී තිබේ.
ආයුධ සන්නද්ධ පුද්ගලයාට අවශ්‍ය කුමක්ද යන්න පැහැදිලි නැති බව පොලිසිය පවසන අතර ඔහු සමඟ දුරකථනයෙන් කථා කිරීමට ගත් උත්සාහයන් ද ව්‍යර්ථ වී ඇත.
යුක්රේන ජනාධිපති ව්ලද්මියර් සෙලෙන්ස්කි පවසා සිටියේ අනතුරකින් තොරව ප්‍රශ්නය විසඳීමට සෑම උත්සාහයක්ම ගන්නා බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
යුක්රේනයේ පුද්ගලයෙකු බස් රථයක සිටි 20 ක් ප්‍රාණ ඇපයට ගනී
Recommended Articles