යුක්රේනයේ මිලියන 14 ක් අවතැන්


රුසියානු හමුදා, ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ මේ දක්වා යුක්රේන වැසියන් මිලියන 14 ක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රැන්ඩි පවසයි.

රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම යුක්රේන ජාතිකයන් මිලියන 14 කට නිවෙස් අහිමි කර ඇතැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින්  සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රැන්ඩි පෙන්වා දුන්නේය.

මෙය දශක ගණනක කාලය තුළ සිදුවූ වේගවත් මෙන්ම විශාලතම අවතැන් වීම බව ඔහු පැවසුවේය.යුක්රේන ජාතිකයන් හට ඉතා කටුක ශීත සෘතුවකට මුහුණ දීමට සිදුවන බව ඔහු අනතුරු ඇඟවූවේය.

යුද්ධය ඉක්මණින් අවසන් කිරීමට මැදිහත් විය යුතු බවත් යුක්රේන සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හමුවේ ජාත්‍යන්තරය ලබා දෙන මානුෂික ආධාර, මුහුදට දමන වතුර බින්දුවක් වැනි බවත් ෆිලිපෝ ග්‍රැන්ඩි මහතා පෙන්වා දී තිබේ.

(රොයිටර්)