රුසියානු විශේෂ යුද මෙහෙයුම හේතුවෙන් යුක්රේන හමුදාවන්ට සිදු වූ හානි යුක්රේන රජය වසන් කරන බව රුසියාව චෝදනා කරයි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ පසුගිය පෙබරවාරියේය.
මොස්කව් පැවසුවේ රුසියානු යුද මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා යුක්රේන සොල්දාදුවන් සහ විදේශ කුලී හේවායන් 23,367 දෙනකුට මේ දක්වා ජීවිත අහිමි වී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
මෙම දත්ත රුසියානු ආරක්ෂක අංශයේ ප්‍රකාශක ජෙනරාල් ඉගොර් කොනශෙන්කොව් පසුගියදා අනාවරණය කළේය.
ඔහු පැවසුවේ මරියුපෝල් නගරයේ පමණක් යුක්රේනයට සටන්කරුවන් 4000 ක් පමණ අහිමි වූ බවය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුද්ධයෙන් සිදුවන හානි වසන් කරන බවට ජෙනරාල් ඉගොර් කොනශෙන්කොව් පසුගියදා චෝදනා කළේය.
මෙම දත්ත සනාථ කිරීම සඳහා තමන් සතුව ලියකියවිලි තිබෙන බව ඔහු වැඩි දුරටත් පැවසීය.
කෙසේ නමුත් යුක්රේන රජය පැවසුවේ රුසියානු යුද මෙහෙයුම හේතුවෙන් සොල්දාදුවන් 2500-3000 ප්‍රමාණයකට ජීවිත අහිමි වූ බව සී.එන්.එන් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇති අතර රුසියාවට සොල්දාදුවන් 20000 ක ප්‍රමාණයක් අහිමි වූ බවද පෙන්වා දී තිබේ.
(රොයිටර්)