යුක්රේනයේ සියයට 20 ක් අල්ලාගෙන


රුසියන් හමුදා යුක්රේනයෙන් සියයට 20 ක් අත්පත්කරගෙන ඇති බවත්, රුසියන් යුක්රේන යුද ගැටුම් හේතුවෙන් දිනකට යුක්රේන සෙබළුන් 100 දෙනකු පමණ මියයන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. නැගෙනහිර යුක්රේනයේ රුසියාවට මායිම්ව පිහිටා ඇති ඩොන්බාස් පළාතේ නගර මෙසේ රුසියන් හමුදාව විසින් අල්ලා ගනු ලැබ ඇති බව යුක්රේන ජනාධිපති සෙලෙන්කී වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. යුක්රේන ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ලුක්සෙන්බර්ග් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ අවස්ථාවේදීය.

(රොයිටර්)