යුක්රේනයට අවි ආයුධ සැපයීම නතර කරමින් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හට දැඩි පීඩනයක් එල්ල කිරීම තුළින් යුක්රේන යුද්ධය අවසන් කිරීමට බටහිර රාජ්‍යයන්ට උදව් විය හැකිබව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමග දුරකථන සංවාදයකදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ බව පවසා ඇත.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මෙම දුරකථන ඇමතුම ලබා ගෙන ඇත්තේ රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ආරම්භ වූ යුද්ධයට සටන් විරාමයක් ලබා ගැනීමේ අරමුණින් ය.
එහිදී මරියුපොල් නගරයේ වැසියන් ඉවත් කරගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(රොයිටර්)