ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල ආරක්ෂක අංශ මවිත කරමින්, බුද්ධි අංශවලට හොරා, එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, තමා ද වගකිව යුතු බවත්, යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
පසුගිය 7 වැනිදා එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, අග්‍රාමාත්‍යවරයා ලෙස තමා ද වගකීම බාර ගැනීමට සූදානම් බවත්, දඬුවම් විඳීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය නෙදන්යාහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
(එන්.ඩී.ටීවී.)