යුද්ධය ඉක්මනින් අවසන් කරගන්නයි ඕනෑ - පුටින්


රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් නිමා කිරීම තම අරමුණ යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.

කෙසේ නමුත් සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීමට යුක්රේනයට අවශ්‍ය නැතැයි ද ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති පුටින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් යසාම වැඩපිළිවෙළකට යෑම කෙරෙහි උනන්දුවක් රුසියාවට හෝ යුක්රේනයට හෝ නොමැති බවය.

(රොයිටර්)