රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට බලය ඇතැයි ධවල මන්දිර ප්‍රකාශක කැරීන් ජෝන් පියේ මාධ්‍ය හමුවේ පවසා ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ සමීපත මිතුරකු පමණක් නොව, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ගේ ද සමීපතම මිතුරෙකි. මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවේ මොස්කව් අගනුවර නිල සංචාරයක නියැලෙයි. ඒ, ඉන්දු රුසියා ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙනි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි කෙරෙහි රුසියන් ජනාපධිති පුටින්ගේ ලොකු ගෞරවයක් ඇති බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවට බල කිරීමට මෝදිට හැකි බවත්, ධවල මන්දිර ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
මොස්කව් සංචාරයේදී රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, රුසියන් ජනාධිපතිවරයාට අවධාරණය කළේ රුසියන් යුක්රේන අර්බුදයට යුද පිටියේ විසඳුම් නැති බවය.
ඉන්දීයානුවන් රුසියන් හමුදාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් මෝදි සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟ පුටින් අවධාරණය කළේ රුසියන් හමුදාවට එක් වුණු ඉන්දියානුවන් සියලු දෙනා හමුදාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, අලුතින් ඉන්දියානුවන් බඳවා ගැනීමක් සිදු නොකරන බවත්ය.