මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් ආපදා තත්ත්වයන් වාර්තා වන්නේ ඔස්ටි්රයාව, පෝලන්තය, චෙක් ජනරජය, රොමේනියාව යන රටවලිනි.
මේ වනවිට රොමේනියාවෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, චෙක් ජනරජයේ පුද්ගලයන් රැසක් ජල ගැලීම්වලට හසුවීමෙන් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.