යුරෝපා සංගමයෙන් ඉන්දියාවට ආධාර


උග්‍ර සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ඉන්දියාවට තවදුරටත් සහයෝගය දක්වමින් අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍යාධාර එවීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.

යුරෝපා සංගමයේ සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය හරහා මෙම ආධාර එවීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.

අයර්ලන්තය, බෙල්ජියම, රුමේනියාව, ලක්සම්බර්ග්, පෘතුගාලය සහ ස්වීඩනය ඉන්දියාවට ආධාර එවීමට ඉදිරිපත් වූ බව යුරෝපා සංගමය අප්‍රේල් 27 වැනිදා නිවේදනය කළේය.

යුරෝපා සංගමය නියෝජනය කරමින් ඉන්දියාවට ආධාර එවීමට මුලින්ම ඉදිරිපත් වූයේ එම රටවල් ය.

ඉන් අනතුරුව ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ ෆින්ලන්තතය ද ආධාර පැකේජ් එවන බව යුරෝපා කොමිසම නිවේදනය කළ අතර සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය හරහා තවත් ආධාර තොගයක් එවන බව අයර්ලන්තය පසුව නිවේදනය කළේය.

මෙම ආධාර එවීමටත් ඒවා සම්බන්ධීකරණයටත් සම මූල්‍ය අනුග්‍රහය දැක්වීමට යුරෝපා සංගමයේ හදිසි ප්‍රතිචාර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ.එන්.අයි.