යේමනයේ හවුති සටන්කාමීන්ට ප්‍රහාර


යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර, ඇමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යේමනයේ සානා අගනුවර හවුති සටන්කාමීන්ගේ අවි සහ මිසයිල ගබඩාවක් සහ අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවය.

රතු මුහුදට ඉහළින් දියත් කළ හූති ඩ්‍රෝන යානා කිහිපයක් ද, ඇමෙරිකා හමුදා වෙඩි තබා බිම හෙළා ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාව එම ප්‍රහාර එල්ල කර ඇත්තේ, රතු මුහුදේ යාත්‍රා කරන සිය නෞකා ඉලක්ක කර හවුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙසය.