යටත් කරගත් යුක්රේන පාළාත් රුසියාවට ඈඳා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී, රුසියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී, රුසියාව සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය දැක්වීය.
රුසියාවට නිෂේධ බලය හිමිවී ඇත්තේ රුසියාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ගෙන් කෙනෙකු බැවිනි. කෙසේ වුවත් ඉන්දියාව සහ චීනය රුසියාවට සහාය පළ නොකළ අතර ඔවුන් ඡනදය ප්‍රකාශ කිරිමෙන් වැළැකී සිටියේය.
රුසියාව, යුක්රේනයේ පළාත් අත්පත් කර ගැනීම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදුවුණු විශාලතම ආක්‍රමණය යැයි ද පැවැසෙයි. ඒ අනුව, මේ වනවිට යුක්රේනයෙන් සියයට 15 ක ප්‍රතිශතයක් ඇත්තේ රුසියාව සතුව යැයි පැවැසෙයි.
(රොයිටර්)