2022 UF4 යන නමින් නම් කළ මෙම ග්‍රාහකය පෘථිවියට කිලෝ මීටර් මිලියන 4.5 ක් දුරකින් ගමන් කළේය.
ආසන්න වශයෙන් ගුවන්යානයක ප්‍රමාණයේ එනම් අඩි 140 ක් පළල මෙම ග්‍රාහකයේ ගමන් මග දශමයකින් හෝ වෙනස් වූයේ නම් එය පෘථිවියේ හැපී මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණි.
ග්‍රහකය, පෘථිවිය අසලින් ගියේ පැයට කිලෝ මීටර් 46,800 ක වේගයකින් බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙම ග්‍රාහකය පෘථිවිය වටා ගමන් කරමින් ඇති ග්‍රාහකයක් වන අතර එය අපගේ සූර්යයා වටා යෑමට දින 376 ක් වැය කරයි. මෙම ග්‍රාහකය යළිත් පෘථිවියට ආසන්න වන්නේ 2055 ඔක්තෝබර් 28 දින වන අතර එහිදී පෘථීවියට කි.මි. මිලියන 8.23 ක දුරකින් ගමන් කරනු ඇතැයි ගණනය කර තිබේ.
(රොයිටර්)