රටවල් 4 කට ඉන්දියාවෙන් තහංචියක්


චීනය, ජපානය, දකුණු කොරියාව, හොංකොං සහ තායිලන්තය වන රටවලින් ඉන්දියාවට පැමිණෙන සියලු සංචාරකයන්, 'කොවිඩ් 19' ආසාදතයන් ද නැද්ද යන්න තහවුරු කිරීම අනිවාර්ය වී තිබේ.

මෙම රටවලින් පැමිණෙන සංචාරකයන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් හෝ 'කොරෝනා පොසිටිව්' වන්නන් නිරෝධායනයට යොමු කරන බව ද ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර ඇත.

ඉන්දීය රජය මෙම රටවල් සම්බන්ධයෙන් දැඩි සෞඛ්‍ය සීමා අනුගමනය කිරීමට යොමු වී ඇත්තේ මෙම රටවල 'කොවිඩ් 19' වයිරසය යළි හිස එසවීම සැලකිල්ලට ගනිමිනි.

(එන්.ඩී.ටීවී)