රතු මුහුදේ ඩ්‍රෝන යානා බිම හෙලයි


රතු මුහුදේ නෞකාවලට පහර දීමට ආ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 5 ක් පහර දී විනාශ කළ බව ඇමෙරිකාව පවසයි. එම ඩ්‍රෝන යානා, ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන්ට අයත් යැයි පැවැසෙයි.

හවුති සටන්කාමීන් රතු මුහුදේ යාත්‍රා කරන ඊශ්‍රායල සහ ඊශ්‍රායලයට සහාය දක්වන රටවල නෞකාවලට පහර දීමත්, එම නෞකා පැහැරගෙන යෑමත් සිදු කරයි.

රතු මුහුදේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන හවුති සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකාව සහ කලාපීය රටවල් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබේ.

(ඒ.එෆ්.පී.)