රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කාන්තාවන් දෙදෙනකුට


රසායන විද්‍යාව සඳහා 2020 වසරේ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනකුට පිරිනමා ඇත. සතුන්, ශාක සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ඩීඑන්ඒ සංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මෙවලම් සංංවර්ධනය කිරීම වෙනුවෙන් එම ත්‍යාගය හිමිවී ඇති අතර මෙවර විශේෂත්වය වන්නේ එය කාන්තාවන් දෙදෙනකු විසින් හිමිකරගෙන තිබීමයි. 

ප්‍රංශ ජාතික එම්මානුවෙල් චාර්පෙන්ටියර් සහ ඇමරිකානු ජාතික ජෙනිෆර් ඩවුඩ්නා එම විද්‍යාඥවරියන් දෙදෙනායි. ස්වීඩ්න් ක්‍රවුන් මිලියන 10ක ත්‍යාගය ඔවුන් දෙදෙනා අතර බෙදීයනු ඇත. මීට පෙර කාන්තාවන් දෙදෙනකුට පමණක් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවී නොමැත.

51 හැවිරිදි චාර්පෙන්ටියර් සහ 56 හැවිරිදි ඩවුඩ්නා රසායන විද්‍යාව සඳහා පදක්කමක් දිනාගත් හයවන හා හත්වන කාන්තාවන් වේ.

ඔවුන්ගේ මෙම සොයාගැනීම් පිළිකා ප්‍රථිකාර සහ පාරම්පරික රෝග සුවකිරීම ඇතුළුව ජීව රසායන විද්‍යා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට සමත් කතුරක් ලෙස විද්‍යාඥයෝ හඳුන්වති.

රොයිටර් පුවත් ඇසුරිණි

085