ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ද විරෝධය නොතකා ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දෙයි.
එම ප්‍රහාර හේතුවෙන්, මේ වනවිට රෆා නගරයේ ලක්ෂ 8 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇතැයි පැවැසෙයි.
මේ අතර ඊශ්‍රායල හමුදා දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායලයෙන් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් තිදෙනකු මියගිය බව ද පැවැසෙයි. එම තිදෙනාගෙන් දෙදනකු විදේශිකයන්ය. මේ වනවිට ඊශ්‍රායල හමුදාවට ඔවුන්ගේ සිරුරු හමුවී තිබේ.
(අල් ජසීරා)