රාජාභිෂේක පුටුව අලුත් කෙරේ


වසර 700 කට ආසන්න කාලයක් අටවෙනි හෙන්රි රජතුමා සහ අනිකුත් රාජකීයයන් ඔටුණු පැළඳි ඓතිහාසික රාජාභිෂේක පුටුවට, මේ වසරේ තෙවැනි චාල්ස් රජුගේ උත්සවයට පෙරාතුව අලුත් මුහුණුවරක් ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තෙවැනි චාල්ස් රජුගේ නිල කිරුළ පැළඳීමේ උත්සවය මෙම වසරේ මැයි 6 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබී හීදී පැවැත්වීමට නියමිතව ඇත. රාජාභිෂේක පුටුව පළමු එඞ්වර්ඞ් රජතුමාගේ නියෝග පරිදි සදා තිබේ. සෑදු මුල් අරමුණ වෙනුවෙන් භාවිත කරන ලොව පැරණිතම ගෘහ භාණ්ඩය මෙය බවද පැවැසෙයි.

1308 වසරේ සිට බි්‍රතාන්‍යයේ කිරුළ පැළඳීමේ උත්සව වලදී මෙම රාජාභිෂේක ආසනය භාවිතයට ගෙන ඇත. සිවුවැනි හෙන්රි රජතුමා කිරුළ පැළඳ ඇත්තේද මෙම ආසනයේ සිට බවද පැවැසෙයි.

(ඩේලිමේල්)