රැජිනගේ අභාවයට හේතුව කොරෝනා


දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය හේතුව ‘කොවිඩ් 19’ වයිරසයේ බලපෑම යැයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය පවසයි.

96 හැවිරිදි මහ රැජිනට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූයේ මෙම වසරේ පෙබරවාරියේය. ඒ වනවිට ඇය පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගෙන සිටියාය.

‘කොවිඩ් 19’ වයිරසයෙන් මිදීමට මහ රැජිනට හැකිවුවත්, වයිරසය ඒ වනවිටත් ඇගේ සිරුර තව තවත් දුර්වල කර තිබුණු බව වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි.

පසුගිය 8 වැනිදා රැජින අභාවප්‍රාප්ත වූයේ මොළයේ ලේ කැටියක් සිරවීමෙන් බවත්, එය ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීමේ අතුරු ප්‍රතිඵලයක් බවත් වෛද්‍යවරුන් පවසා ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

(ඩේලිමේල්)