දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල උත්සවයට තමන් ද සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ කීවේ, ඔහියෝ ප්‍රාන්තයේ කොලම්බස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානයට ගොඩවීමට සූදානම් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවෙමිනි.
මහ රැජිනගේ අවමංගල්‍යය ලබන 19 වැනිදා ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ පැවැත්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ. 'මට තවමත් හරිහැටි විස්තර කියන්න අමාරුයි. ඒත් මා අවමංගල උත්සවයට සහභාගී වෙන්නයි ඉන්නේ' යැයි ජනාධිපති බයිඩන් පැවැසුවේය.
(රොයිටර්)